Friday, November 30, 2012

Track ID



මේ තියෙන්නේ ගොඩක් ජ්නප්‍රිය App. එකක්. මේකෙන් කරන්න පුලුවන් දේ තමයි අපිට හොයාගන්න බැරි සිංදුවක්. වෙන කොහේ හරි TV එකක හරි Radio එකක හරි ඇහෙන වෙලාවක. අපේ phone එකේ mic එක ඒ අදාල තැනට ලංකරලා button එක tap කලාම මේ App එකෙන් අදාල සිංදුවෙ විස්තර ලබාගන්න පුලුවන්. ඒ කියන්නේ ඒ සිංදුවේ නම,Artist, Album, වගේ විස්තර සෙට්  එකක්ම ලබා ගන්න පුලුවන්. ඊට පස්සේ ඕනෙනම් ඒ App. එක හරහාම සිංදුව download කර ගැනීමට අදාල පහසුකමකුත් දීලා තියෙන්නේ. YouTube එකට direct link එකකුත් මේකෙම තියෙනවා. කොහොමත් සිංදුවේ ඔය කියපු විස්තර ටික හොයා ගත්තම ඉතින් මොන ලෝකෙන් හරි සිංදුව download කර ගන්න එක ඒ හැටි වැඩකුත් නෙවෙයිනේ. අපිට ඇහෙන සිංදුවේ මේ විස්තර ටික ලබා ගන්න කරන්න තියෙන්න App. එකේ තියෙන button එක tap කරල තත්පර 4 - 5 ක් බලන් ඉන්න එක විතරයි. සිංදුවේ මුලක්, මැදක්, අගග් මේ App. එකට ඕනෙ නෑ., එවලෙම song එක හොයලා දෙනවා. හැබැයි ඉතිං Track ID එකන් සිංහල සිංදුනම් හොයන්න යන්න එපා. ඒවට පහසුකම් මේකෙ නෑ.

මේ විදියට සිංදු හොයන්න පුලුවන් Apps බර ගානක් මේ වෙද්දී Google Play වල තිබුනත්, SONY එකෙන් හදපු Track ID තමයි ඒ අතින් ජනප්‍රියම සහ සාර්ථකම මේ විදියේ App. එක. Sony Mobile වලටනම් මේ App. එක original ම දාල එවනවා. ඒ උනත් ඕනම හොඳ OS එකක් තියෙන mobile device එකකට මේක වෙනම download කර ගන්න පුලුවන්.




1. මෙතනින් Download කරගන්න.
2. rar එක extact කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. ඊට පස්සේ file එක click කරලා install කරගන්න.


No comments:

Post a Comment