About



මෙම Blog අඩවිය නිර්මාණය කිරීමේ මූලික අරමුණ Samsung Galaxy Y ජංගම දුරකථනයේ ඇති විශේෂාංග හඳුන්වාදීමත් එයට අදාලව විවිධ පාර්ෂවයන් විසින් නිපදවා ඇති Apps, Games, Widgets ආදී දේ හඳුවාදීමත්ය. එලෙසම Samsung Galaxy Y දුරකතනයේ විවිධ කටයුතු කිරීමේ පහසුකම් සම්බන්දවත් මෙහිදී සඳහන් වේ.
------------------------------------------------------------------------------------------------------
  මෙම Blog අඩවියෙන් විස්තර කර තිබෙන්නේ Samsung Galaxy Y ජංගම දුරකථනය පමනක්ම උවත් මෙහි සඳහන්ව ඇති  Apps, Games, Widgets සියල්ලම පාහේ Android Gingerbread සංස්කරනයෙන් පසුව පැමිණි බොහෝ ජංගම උපකරණ වල කිසිඳු අවහිරයකින් තොරව ක්‍රියා කරයි.

------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------

මෙහි තිබෙන  Apps, Games, Widgets ආදී දේ දමා ඇත්තේ Android හී ආකෘතිය අනුව .apk ආකාරයටයි. සියලු Android ජංගම උපකරණ සඳහා Google Play හි ඉතා පහසුවෙන් Download කර ගැනීමේ පහසුකම් සපයා තිබුනත් ඒවා සියල්ලක්ම download වීම සඳහා යොදා ගැනෙන්නේ ජංගම දුරකතන්යේ දත්තය (KB or MB).  සාමාන්‍යයෙන් ජංගම දුරකතනයේ දත්ත පැකේජයක් (Data Package) සක්‍රිය නොකර MB 15 - 20 යනුද විශාල ප්‍රමානයක් බැවින් එම ගැටලුවට විසදුම්ද මෙම blog අඩවියෙන් සපයා ඇත.
එනම් පරිගනකය හරහා අදාල   Apps, Games, Widgets ආදී දේ download කර ඒවා ජංගම දුරකතනයට දමා ඒ හරහා ස්ථාපිත (install) කර ගැනීමයි. එවිට ජංගම දුරකතනයේ දත්ත භාවිතා නොවන අතර අවශ්‍යනම් අදාල .apk ගොනු වෙනත් Android ජංගම උපකරණයක් වෙතද Bluetooth හරහා හුවමාරු කර හැක.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here

No comments:

Post a Comment