Android මුලිම පටත් ගත්තේ ලොකු ගේමක් දෙන්න හිතාගෙනම. ඒ කිව්වේ Andy Rubin, Rich Miner, Nick Sears, Chris White යන software engineer ලා සෙට් එකට ඕනෙ උනා පාවිච්චි කරන කෙනාගේ ඕනෑ එපා කල් හොදින් සපුරන්න පුලුවන් ජාතියේ OS එකක් හදන්න. ඒගොල්ලන්ගේ අරමුන උනේ ඒක තම්යි. ඒ අරමුනට ලං වෙන්න කියලා හිතාගෙන මේගොල්ලෝ 2003 දී Android Inc. එක පිහිටෙව්වා. ඒ උනත් අවාසනාවට සැලකිය යුතු ආදායමක් හොයාගන්න බැරි උනා. ඉතින් මේ Android Inc. එක බංකොලොත් වී ගෙන යද්දී තමයි Google Inc. එකේ දුර දක්නා ණුවනට පොං සිද්ද වෙන්න Andy Rubin ඇතුලු සේවක පිසිසත් එක්කම Google එක සල්ලි දීලම ගන්නවා.
2005 අගෝස්තුවෙ කරපු මේ deal එකෙන් පස්සේ mobile device වලට අලුත් ජාතියේ OS එකක් හදන්න පටාන් ගත්තා. ඒ Google Android කියන නමින්. Andy Rubin ගේ මූලිකත්වයෙන්, Google එක සෙට් එකයි දෙකම රොක් වෙලා මේ අලුත් OS එකේ වැඩේ ඉවර කලේ 2007. ඒක තමයි ඉතින් Android වලට මුල් කතාව.
Android mobile OS එක මූලිකව Linux Kernel හෙවත් ප්‍රධාන codes මුල් කරගෙන කරපු එකක්. XML, C, Java, C++ කියන computer languages වලින් තමයි Android වල ගති ලක්ෂන කියන එව්වා තියෙන්නේ. තවත් ටිකක් විතර පැහැදිලි කලොත් මේකේ XML codes පේලි ලක්ෂ 30ක්, C codes පේලි ලක්ෂ 28, Java codes පේලි ලක්ෂ 21ක්, C++ codes ලක්ෂ 17.5 වහේ ගානක් තියෙනවා.
ඔය කියපු හැම එකක් එක්කම Android Mobile OS එක open source කියලා කියන්න පුලුවන්. ඒ කියන්නේ මේ OS එක කාටත් නොමිලේ අරගෙන තමන්ට ඕන විදියට වෙනස් කරලා, use කරන්න පුලුවන් ජාතියේ එකක්. හැබැයි ඉතින් එහෙම කියලා තමන්ට ඕන ඕන විදියට කපල, කොටලා දන්න බෑ. ඒක කරන්න ඕනේ එක්තරා නීති රාමුවකට යටත්වයි. ඒකෙන් කියන්නේ මේ Android වලට ලොක්කෙක් එහෙමත් නැත්තම් භාරකාරයෙක් ඉන්නවා. ඒකට කියන්නේ Open Handset Alliance කියලා.
Android OS එකේ මූල්ම version එක හැදුවට පස්සේ 2007 නොවැම්බර් වලදී Google Inc. මූලුකත්වයෙන් තමයි Open Handset Alliance එක පිහිටෙව්වේ. ඒ ලෝක ප්‍රසිද්ද mobile phone සහ accesiries හදන companies වල එකමුතුවෙනුයි. Android OS එක හැකියාවන්ට ගැලපෙන්න mobile devices නිෂ්පාදනයත්, අලුත් devices වලට ගැලපෙන්න Android OS එක දියුනු කිරීමේ ක්‍රම තෝරා බේරා ගැනීමත් Open Handset Alliance එකෙන්ම කරනු ලබයි.
BACK

No comments:
Post a Comment