Tuesday, September 18, 2012

Multimedia Converter


මේ blog එකේ ලියලා තියෙන ගෝඩක් දේවල් සමහර අය දන්නවා. හැබැයි සමහර දේවල් මම මුල ඉඳලම කියලා දීලා තියෙන්නේ නොදන්න අයටත් එක්ක. නිසා මම පන්ඩිතයි කියලා එහෙම කියන්න එපා
දැන් මම මේ කියන්න හදන්නේ හැමෝම use කර Video converter එකක් ගැන. Samsung Galaxy Y (GT-S5360) phone එකටනම් video convert කරන්න හැටි අවශ්යතාවයක්ම නෑ මොකද මේ phone එකට ගොඩක්ම multimedia formats වැඩ කරන නිසා. උනාට අඩුම ගානේ video size එකවත් පොඩි කර ගන්න ඕනෙනම් මේ වගේ Video Converter එකක් ඕනේ වෙනවා.
මේක තමයි Xilisoft Video ConverterUltimate කියන්නේ....




1. මෙතනින් download කර ගන්න.
මේතනින් තියෙන්නේ එක version එකක් විතරයි. අලුත් version ඕනෙනම් torrent වලින් ගන්නකෝ.

2. ඕක සාමාන්යය විදියට PC එකට install කරලා හැම software එකක්ම කරන විදියට crack හරි serial number එක හරි දාලා වැඩේට enter වෙන්න.

3. දැන් ඔයා phone එකට import කරගන්න ඕනේ කරන Video එක හරි Videos set එකක්ම හරි drag කරලා දාගන්න. නැත්තම් Add Files කියන button එක click කරන්න.

4. හරි දැන් ඔය උඩ picture එකේ තියෙන විදියටම Profile එකට Android select කරලා, එක්කම Android (320x240) - H.264 Video කියන එක select කරන්න. (අපේ Galaxy Y එකේ resolution 240 x 320 නේ ඒක තමයි ඔය අනිත් පැත්තට, 320 x 240 කියලා තියෙන්නේ. මොකද Videos play වෙන්නේ landscape විදියටනේ..

5. ඔනෙනම් ඔය දකුණු පැත්තේ කෙලවරේම අයෙත් Profile කියලා තියෙන තැනින් Video එකේ quality එක වගේම audio quality එකත් ඕන විදියට වෙනස් කර ගන්න පුලුවන්.

6. දැන් අර උඩම panel එකේ තියෙන නිල් පාට button එක press කරලා convert කර ගන්න. ටික වෙලාවකින් convert වෙල ඉවරවෙයි.

7. Convert උන videos සාමාන්යයෙන් out put එක පෙන්නනේ C: drive එකේ Videos වල. එක බලාගන්න ඔය උඩ picture එක යටම තියෙනවා "Destination" කියලා එතනට ගියාම ඔයා convert කරපු files බලා ගන්න පුලුවන්.


හරි.. මම කියලා දීපු ටික ඕනවටත් වඩා වැඩීද මංදා. කොහොම හරි ඔය කියලා තියෙන්නේ videos convert කරන හැටි විතරයි. මේ Converter එකට Video converter කියලා නම දාල තිබුනට, Audio, Image වගේ දේවලුත් convert කරන්න පුලුවන්.
 ඒකට කරන්න තියෙන්නේ අර Video වලදී Android කියලා තේරුවා වගේ. Audio Image කියලා select කන එක විතරයි. ඊට පස්සේ ආයෙත් දකුනු පැත්තේ කෙලවරෙ Profile එකෙන් quality එක හදලා convert කරන්න. "Destination" එකෙන් convert කරපු files ටික ගන්න.

ඔන්න ඔච්චරයි ඉතින්.....

No comments:

Post a Comment