හරි එහෙනම්...
ඉස්සෙල්ලම Safety
First එක නිසා Root කරන්න කලින්
මේ දේවල් හොදට
බලන්න.
* ඔයාගේ
phone එක full charge කරලා තියෙන්න
ඕනේ, එහෙම නැත්තම්
අඩුම තරමින් 60% කට
වඩාවත් charge කරලා තියෙන්න
ඕනේ. මොකද එහෙම
නැතුව low battery තියෙද්දී වැඩේට බැස්සොත්
phone එක crash වෙන්න පුලුවන්.
----- phone එක විතරක්
නෙමෙයි laptop එකක් හරහා මේ වැඩේ කරනවනම් ඒකේ battery එකත් හොඳට තියෙන්න එපැයැ. අනික
Desktop එකක් නම් UPS එකක්වත් තියෙන්න ඕනේ. නැත්තම් දන්නවනේ ලංකාවේ third class
electricity ගැන.
(මෙච්චර සීන් නෑ.. එක
දිගට වැඩේ වෙන්න ඕනෙ නිසයි, මේව ගැන මතක් කලේ)
* ඔයාට phone
එකෙන් ගන්න තියෙන
contact වල ඉඳලා media file වෙනකම්ම backup කරලා තියාගන්න
ඕනේ.
* Background Applications ඔය
Anti-virus, battery checkup utilities වගේ
දේවල් ඔක්කොම close කරන්න
ඕනේ.
* වැඩේ පටන්න කලින්
USB Debugging එක phone එකෙන් Enable කර
ගන්න.
මේ විදියට --> Settings / Applications / Development
- අනිත් එක තමයි, මේ හැම වැඩක්ම ඉවර වෙනකම් Data cable එක phone එකෙන්නම් ගලවන්න එපා.
එහෙනම් උඩින් කියපු ටික
කලානේ... දැන් පියවරෙන්, පියවර යමු.
1. මේකේ ඉල්ලන Root
Package එක මෙතනින් Download කර ගන්න.
2. Samsung Galaxy Y
(GT-S5360) phone එක computer එකත් එක්ක connect කරන්න. Data cable එකෙන විතරයි (ඕක
මේ වැඩේ ඉවරවෙල අන්තිමට phone එකේ Samsung logo එක display වෙනකම්ම ගලවන්නනම් එපා)
3. අර ඉස්සෙල්ලා
download කරපු Root Package එක extract කරන්න ඕනේ නෑ. එක SD card එකේ මුලටම දාන්න.
වෙන කිසිම folder එකකට එහෙම නෙමෙයි.
4. Rooting වෙනකොට කීයටවත්
USB" එක unplug කරන්න එහෙම එපා (ඕකනම් දහ සැරේකට වඩා කිව්වා)
5. Recovery mood එකට
එන්න, phone එක switch off කරන්න.
6. Volume Up Key +
Home Key + Power Button ඔය තුනම එක පාර press කරගෙනම ඉන්න. එතකොට Recovery mood එකට
එනවා.
7. හරි දැන් ඔයා ඉන්නේ
recovery mood එකේ. මේකෙ තියෙන ඒවා select කරන්න පුලුවන් Volume Up and Down keys වලින්
විතරයි. එහෙම කරලා Update.zip එක select කරන්න.
8. ඒක select කලාට පස්සේ
දැන් තමයි root වෙන්න පටන් ගන්නේ... ඒකට සාමාන්‍යයෙන් විනාඩි 10-15 ක් වගේ කාලයක් ගන්නවා.
වෙලාව ඉතින් පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුලුවන්.
9. හරි.. දැන් root උනාට
පස්සේ ඔයාගේ phone එක සාමාන්‍ය විදියට automatically boot වෙනවා. ඒ කියන්නේ ඔයාගේ
phone එක දැන් root වෙලා ඉවරයි.
ජය වේවා....!!
දැන් ඔයාගේ Samsung
Galaxy Y (GT-S5360) phone එකට පුලුවන් ඕනම Application එකක් limit එකෙන් පිට දාන්න...
ඒ වගේම ඔයාගේ කැමත්ත පරිදි Custom ROM හරි Cyanogen Mod වගේ install කරන්නත් පුලුවන්.
No matter if you are sharing this blog or post.
But do not copy this as carbon copy or something like that, get some ideas from this post and do something in your own way.
©Ashan Mihiranga Widyarathna. All rights reserved.
------------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------------
No comments:
Post a Comment